Hello කස්ටිය කොහොමද !! ගොඩාක් කාලෙකට පක්සෙ තමා මට ඔන්න post එකක් ලියන්න ලැබුනෙ. එහෙම එකේ මම අර හැමදාමත් කියනව වගේ ගොඩාක් වැදගත් යමක් තමා මම අද ඔයාලට අරගෙන ආවෙ. වැඩි වදන් නැතුව අපි topic එකට බහිමු.
මේ දවස්වල ගොඩාක් අය windows 10 වලට upgrade වෙලා ඒකෙ තියන මොනව හරි වැරද්දක් කියන කාලයක්. එහෙම වැරදි අතරෙ ඔන්න ඔය මම head එකේ කියපු automatic updates නවත්වන්න බැරි එකකුත් සමාජයෙ හෙනටම කතා වෙනව. මේ නිසාම ගොඩක් කස්ටිය බයයි තමන්ගෙ data පොජ්ජ ඉවර වෙයි කියල updates සේරම download වෙලා.
ඇත්තම කියනව නම් ඒක ඇත්ත. මොකද Microsoft සමාගම වෙනද වගේ Control Panel එකේ සුපුරුදු විදිහට automatic updates නවත්වන්න option එකක් දීල නෑ.. පළවෙනි screenshots වල මම ඒක ඔයාලට පෙන්නල තියනව. ඒත් මේක පොඩි ක්‍රමයකින් නවත්වන්න පුලුවන්. ඒකට කිසිම software එකක් ඕන නෑ. Windows වල තියන options වලින්මයි හදාගන්න තියෙන්නේ. ආව්ශ් දැන් සතුටුයි නේද #TEEHEE :D
මුලින්ම ඔයාලට කරන්න තියෙන්නෙ Keyboard එකේ "Win+R" press කරල Run එක open කරගන්න එක. ඊට පක්සෙ එතන මම screenshot එකේ පෙන්නල තියන විදිහට 'gpedit.msc' කියල type කරල Enter කරන්න. දැන් ඊළඟ screenshot එකේ විදිහට window එකක් open වේවි.
අන්න ඒ window එකේ ඔයාල 'Computer Configuration' යටතේ තියන 'Administrative Tools' වල "All Settings" කියන option එක select කරගම්න. ඊට පස්සෙ ඔයලට ඒ window එකේම දකුණු පැත්තෙ අයිනෙන් සංසාරෙ වගේ list එකක් පෙන්නාවි. අන්න ඒ list එකේ කොහොමහරි 'CONFIGURE AUTOMATIC UPDATES' කියන එක හොයාගන්න ඕන.
ඒ වැඩේ ටිකක් ලේසි වෙන ක්‍රමයක් මම ඔයාලට කියන්නම්. ඒ option එක හොයාගන්න අමාරු නිසා ඒ list එක ආවට පක්සෙ Keyboard එකේ 'C' button එක press කරන්න, එතකොට list එකේ C අකුරෙන් පටන් ගන්න තියන තැනට යාවි. එතනින් පහලට arrow key එකෙන් යන්න 'CONFIGURE AUTOMATIC UPDATES' කියන option එක හොය හොයා. කොහොමහරි ඒක හොයාගන්න උත්සහය අත්තරින්න එපා :3
දැන් ඉතින් ඒක හොයාගෙන විතරක් මදි ඒක උඩ Double click කරන්නත් ඕන. ඊට පක්සෙ උයාලට පහල screenshot එකේ තියනව වගේ window එකක් පෙන්නාවි. ඒ window එකේ screenshot එකේ පෙන්නල තියන විදිහට අන්න ඒ box එකේ 'NOTIFY FOR DOWNLOAD AND NOTIFY FOR INSTALL' කියන option එක select කරගන්න. ඊට පක්සෙ සුපුරුදු විදිහට Apply & OK කරම්න.
දැන් ඉතින් ඒක හොයාගෙන විතරක් මදි ඒක උඩ Double click කරන්නත් ඕන. ඊට පක්සෙ උයාලට පහල screenshot එකේ තියනව වගේ window එකක් පෙන්නාවි. ඒ window එකේ screenshot එකේ පෙන්නල තියන විදිහට අන්න ඒ box එකේ 'NOTIFY FOR DOWNLOAD AND NOTIFY FOR INSTALL' කියන option එක select කරගන්න. ඊට පක්සෙ සුපුරුදු විදිහට Apply & OK කරම්න.
දැන් ඉතින් උයාලගෙ අවශ්‍යතාව ඉස්ට වෙලා ඇති. වැඩේ confirm කරගන්න ඔයා settings වලට ගිහින් 'advanced option' කියන එක බලන්න. ඉහළ screenshot එකේ පෙන්නල තියෙන්නෙ ඔයාගෙ ඉස්ටවුන අවශ්‍යතාවය.
#සල_ලල_ලා අපි එහෙනම් මේවගේ වැදගත් කතාවක් එක්ක ආයෙ දවසක හමුවෙමු.
copyright © 2015 SKnEtZ™ Incorporation



Wow Browee! 💞💞 Valuable Topic 💝👌
ReplyDeletethanq brodahHhH 😘😘👌
ReplyDelete