Wednesday, October 14, 2015

VLC Media Player එකේ Sinhala Subtitles පේන්න හදාගන්න හැටි

වෙනද වගේම අදත් ඔන්න මම ඔයාලට ගෙනාවෙ ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තියන දෙයක් ගැන. ගොඩක් වෙලාවට ඔයාල PC එකෙන් films බලන්න ගිහාම තමා ඔයාල මේ ප්‍රශ්නෙට මූන දෙන්නෙ. ඒ ප්‍රශ්නෙ තමා VLC Player එකේ sinhala subtitle එක කොටු කොටු විදිහට පෙන්නන එක. ඉතින් මම වැඩි කතාබහක් නැතුව මේක හදාගන්නෙ කොහොමද කියල ඔයාට කියල දෙන්නම්.

සින්හල font එක ස්ථාපනය කර ගැනීම 

මුලින්ම ඔයා ඔයාගෙ PC එකේ sinhala font එක නැත්නම් පහල මම දීල තියන link එකෙන් .ttf file එක download කරගන්න. 
ඊට පස්සෙ download කරගත්ත file එක උඩ  double click කරාට පක්සෙ open වෙන window එකේ උඩින්ම තියන install කියන command  එක දෙන්න. දැන් ඔයාගෙ PC එකේ sinhala font එක ස්ථාපනය වෙලා තියෙන්නෙ.

VLC Player එකේ අවශ්‍ය settings සකසා ගැනීම

දැන් ඔයා VLC Player එක open කරගෙන ඒකෙ Tools කියන option එක උඩට ගිහිල්ල පහත පෙන්නල තියනව වගේ Preferences කියන option එක select කරගන්න.

දැන් ඒ window එකේ තියන subtitles/OSD කියන option එකට යන්න. 

එතන තියන Default Encoding කියන category එකේ Universal (UTF-16) කියන option එක select කරගන්න. 

දැන් ඊට පහලින් තියන font කියන category එකේ ඔයා 'iskoola pota' කියල තියන ඔයා උඩදි install කරගත්ත font එක select කරන්න. 

අවසානයෙදි සුපුරුදු විදියට SAVE කරන්න. ඔයාගෙ අවශ්‍යතාව දැන් ඉෂ්ට වෙලා ඇති. 
දැන් ඔයා sinhala subtitle එක්ක තියන movie එකක් play කරල බලල සතුට විදින්න.
ඉතින් මේ post එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියල මම හිතනව. එහෙම නම් ඔයාලගෙ අදහස් යෝජනා චෝදනා අපිට කියන්න. ආයෙත් මේ වගේ වැදගත් post එකක් එක්ක හම්බවෙමු.

copyright © 2015 SKnEtZ™ Incorporation

1 comment: